ණය කාඩ්පත් සඳහා අය කෙරුණු පොලිය අඩු කර තිබෙනවා. වාණිජ බැංකු සහ මූල්‍ය සමාගම් මේ සංශෝධනය කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය දිනවල මහබැංකුව විසින් කරන ලද මූල්‍ය සංශෝධනවලට සාපේක්ෂව ණය පොලී සහ ණයපත් පොලී අනුපාත අඩු වෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටියා. කෙසේ වෙතත් ණය කාඩ්පත් සඳහා වන පොලිය 34% සිට 30% දක්වා 4%කින් පමණ පහත දමා ඇති බවයි වාර්තා වන්නේ.