ඩුබායි රාජ්‍යයට පැනගොස් සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් එරටින් වෙනත් රටවලට පැනගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසනවා.
සංවිධානාත්මක අපරාධකරුවන් අන්තර්ජාතික වශයෙන් අත්අඩංගුවට ගැනීම සදහා රතු නිවේදන නිකුත් කිරීමත් සමඟ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙරට දරුණු ගණයේ අපරාධකරුවන් වෙනත් නම්වලින් ගමන් බලපත්‍ර සකසා තවත් රටවලට පැන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.