2024 පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශයේ ගිණුම් වාර්තාවලට අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 255කට රුපියල් එක්කෝටි හැටඑක් ලක්ෂ අසූඑක් දහස් හත්සිය අනූනවයයි ශත හතළිස් හයක (16,181799.46) ක මුදලක් ගෙවා තිබෙනවා.
1977 අංක 01 දරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප්වලට අදාළ පණත සහ එහි සංශෝධන අනුව මෙම වැටුප් පරිමා සහ විශ්‍රාම වැටුප් පරිමා තීරණය කරන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මන්ත්‍රීවරුන්ට සිය පාර්ලිමේන්තු ධුර කාලය නිමා කළ විට ඒ වන විට තමන් ලැබූ වැටුපෙන් තුනෙන් එකක ප්‍රමාණයක් සමඟ අනුමත ජීවන වියදම් දීමනා ලබා දෙනු ලබනවා.
ඒ අනුව විශ්‍රාම ලත් මන්ත්‍රීවරු විශාල පිරිසකට ජනතා බදු මුදලින් විශ්‍රාම වැටුපක් ගෙවමින් සිටිනවා.
වර්තමාන ජනාධිපතිවරයා ද ජනාධිපති ධුරය හොබවන අතර ම විශ්‍රාම වැටුපක් ලබන බවයි වාර්තා වන්නේ. ඔහුගේ විශ්‍රාම වැටුප රුපියල් 79841.66 ක් සහ ජනපති වැටුපද ලබන බව සඳහන් වෙනවා.
මෙලෙස විශ්‍රාම වැටුප් ලබන පිරිස අතර,
බැසිල් රාජපක්ෂ, රවි කරුණානායක, මිලින්ද මොරගොඩ, මොහාන් ලාල් ග්‍රේරෝ, උපේක්ෂා ස්වර්ණමාලි, කරුණා අම්මාන්, අනෝමා ගමගේ, නවීන් දිසානායක(සබරගමුව වර්තමාන ආණ්ඩුකාර), රෝහිත බෝගොල්ලාගම, සජින් වාස් ගුණවර්ධන, රුවන් විජේවර්ධන වැනි අයද සිටිනවා.
පහත පළ වන්නේ ඒ පිරිසගේ නාම ලැයිස්තුවයි. පසුගිය ඉරිදා දිවයින පුවත්පත එම තොරතුරු හෙළිදරව් කර තිබුණා.
මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය ධුරය ලබා ගත් පසු විවිධ ආකාරයෙන් සිය මඩි තර කරගන්නා බව ප්‍රසිද්ධ කරුණක්. මේ පිරිස අතර ප්‍රකට ව්‍යාපාරිකයන් වැනි අයත් මහජන බදු මුදල්වලින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා බව පෙනෙනවා.
ආර්ථිකය කඩා වැටුණා කියා ජනතාවගේ පටි තද කරන්නට කතා කළ කිසිවෙක් මේ විශ්‍රාම වැටුපවත් එපා කියන්නට ඉදිරියට නොඒම අප වැනි දේශපාලන සංස්කෘතියක් ඇති රටකට අරුමයක් නොවන බවයි කිව යුත්තේ.