ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ සම්මේලනයේ පිරිසකට අයත් මුදල් රුපියල් එක්කෝටි හාරලක්ෂ තිස්දෙදහසක් වංචා කිරීම සම්බන්ධ නඩුවක් ඊයේ (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා.
මෙලෙස සිය මුදල් වංචා කළ බවට ශ්‍රවණාබාධ සංගමයේ සභාපතිවරයා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලි කර තිබුණා. මෙකී මුදල එම සංගමයේ සාමාජිකයන් 48 දෙනෙක්ට අයත් බවත් ලාභාංශ ලබා ගැනීමේ අරමුණින් විස්කෝස් මෙටා නම් සමාගමක තැන්පත් කර ඇති බවත් එම ලාභාංශ ලබා නොදී විශ්වාසය කඩ කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ව තිබෙනවා.
කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මෙම සිදුවීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවට කරුණු වාර්තා කරනු ලැබුවා.