ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල දරුවන්ට පොත් බෙදා දුන්, ප්‍රධාන විහාරස්ථානවල දායක සභාවල නිලතල හොබවමින් සමාජයේ ප්‍රභූවරයෙක් ලෙස කටයුතු කළ අයෙක් වසර 10ක් තිස්සේ කුඩු ජාවාරම් කළ බවට සැක පිට අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුක්ත මත්කුඩු තොගයක්ද සමගයි.
ගුරු පවුලක උපත ලබා ප්‍රසිද්ධ රක්ෂණ සමාගමක කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් ඔහු මේ කටයුතු කරගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුගේ මව සහ පියාද බිරියද සහෝදරියන්ද ගුරුවරුන් වන අතර සමාජයේ ඔවුන්ට ඇති තත්වය ද මෙම ජාවාරම කරගෙන යාමට උදව් කරගෙන තිබෙනවා. මත්කුඩු ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් යොදවා සුවිසල් හෝටලයක් මිලට ගෙන ඇති බවත් තවත් හෝටලයක් ඉදිකරමින් තිබෙන බවත් පොලිසිය හෙළිදරව් කරගෙන තිබෙනවා.
වසර 10ක් පුරා මෙම පුද්ගලයා පිළිබඳව කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත්ව නැති බවත්, දැනට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර තිබෙන ජාවාරම්කරුවන් සමග ඍජු සබඳතා පවත්වා ඇති බවත් පොලිසිය පවසනවා.