අන්තර්ජාතික වෙළඳපොලේ බොර තෙල් මිල ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව විදෙස් පුවත් ඒජන්සි වාර්තා කරනවා.
පලස්තීනයට සහය පළ කරමින් යේමනයේ හූති කැරළිකරුවන් එල්ල කරමින් සිටි ඩ්‍රෝන් ප්‍රහාරවල බලපෑම යම් පමණකට අඩු වී තිබීම එයට එක් හේතුවක් ලෙස සැලකෙනවා.
මැද පෙරදිග යුද බිය වර්ධනය වීම තෙල් මිලට බලපෑම් සිදුකරන බවයි පැවසෙන්නේ. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 79.75ක් ලෙසත් WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 74.06ක් ලෙසත් දැක්වුණා.
කෙසේ වෙතත්, ඊයේ බොර තෙල් මිල ඊයේ වන විට 2%කින් පහළ ගොස් තිබෙනවා.