ඉදිරි මාස කිහිපය තුළ රජයේ රෝහල්වල CT scan, MRI සහ PET scan පරීක්ෂණ සේවා නතරවීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.
විකිරණ තාක්ෂණවේදීන්ගේ පවතින හිඟය නිසා මෙම සේවා ක්‍රියාත්මක කරවීම අවදානමක පවතින බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්වත් කළ ද මේ වන තෙක් ඔවුන් නවක නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගෙන නොමැති බවයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසනවා.
CT scan, MRI, PET scan සහ ශල්‍යාගාරවල විකිරණ සේවා ඇතුළුව හෘද රෝග අංශවල කැතීටකරණ ඒකකවල බිඳවැටීමක් ද මෙම විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟය නිසා සිදු විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.
මේ වනවිට 40%ක පමණ විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බවත් එක් මාසයකට එම නිලධාරීන් 3 – 4 දෙනෙක් විදේශගත වීමේ ප්‍රවණතාවයක් තියෙන බවත් එම සංගමයේ සභාපතිවරයා පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව පියවරක් නොගැනීම හේතුවෙන් මේ වන විට ඇහැළියගොඩ රෝහලේ සම්පුර්ණයෙන් විකිරණ සේවාව බිඳවැටී තිබෙන බවත් ඊට හේතුව මාස කීපයකට පෙර එම රෝහලේ සේවය කළ එකම විකිරණ සේවා නිලධාරිනිය විදේශගත වීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.