රේගු නිලධාරීන් ගෙන තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි

රේගු නිලධාරීන් විසින් සිය රාජකාරියට අදාළ කටයුතු පමණක් සිදුකිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රේගු වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

අද (13) දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් එම සන්ධානයේ සභාපති අමිල සංජීව ඒ බව සඳහන් කර සිටියා.

අමාත්‍ය විජිත හේරත් ඉකුත් 07 වනදා කොළඹ වරායේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවේදී බහාලුම් රථ හිමිකරුවන් සහ රියදුරන් විසින් තමන් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීමට විරෝධය පළකරමින් ඔවුන් රාජකාරියට අදාළ කටයුතු පමණක් සිදුකිරීමේ ක්‍රියාමාර්ගයක නිතර වුණා.

ඒ හේතුවෙන් බහාලුම් නිශ්කාෂණ කටයුතු බොහෝ ප්‍රමාද වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මේ වනවිට රට තුළ මැතිවරණයක් පැවැත්වෙන විශේෂිත කාලසීමාවක පවතින බැවින්, කන්ටේනර් රථ ගාල්කිරීමට සිදුවීමෙන් ලොරි රථ රියදුරන්ට හා සහායකන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවීම සැලකිල්ලට ගෙන රාජකාරියට අදාළ කටයුතු පමණක් සිදුකිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවූ බව රේගු වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles