කපා කොටා අයෙක් මරලා

මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බව පොලීසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු වන අතර මියගොස් ඇති පුද්ගලයා සිය මස්සිනා සමග ඇතිවූ කතාබහක් දුරදිග ගොස් දෙදෙනා අතර ගැටුමක් හටගෙන තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.

එහදී මස්සිනා විසින් තියුණු ආයුධවලින් පහරදී අදාළ පුද්ගලයා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධියෙන් සැකකරු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.

මරණයට පත්වූ පුද්ගලයා තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමග පොල්හේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නැගණියගේ නිවසට ගොස් සිටියදී මෙම ආරවුල ඇතිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මොරොන්තුඩුව පොලීසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles