මහදිසාපති අත්සනත් හොරට ගසා මිහින්තලේ රක්ෂිතයෙන් අක්කර 18ක් කපලා

මිහින්තලේ මරදන්කුලම ප්‍රදේශයේ මිහින්තලේ රක්ෂිත වනය ලෙස හඳුන්වන පෙදෙසේ අක්කර 18ක් කපා දමා ඉන් අක්කර 6ක් ගිනි තබා නීතිවිරෝධීව අත්පත් කර ගැනීමට වෑයම් කරන ව්‍යාපාරිකයාට විරුද්ධව නඩු පවරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර අඩවි වන නිලධාරීවරයාට නියෝග කර තිබෙනවා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ ව්‍යාපාරිකයා ඉඩම සඳහා ව්‍යාජ බලපත්‍ර 4ක් සකස් කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට දැනුම් දෙනු ලැබුවා.

මේ නියෝගය කරනු ලැබුවේ මිහින්තලේ රක්ෂිත වනය අක්කර 18ක් නීතිවිරෝධීව එළි කිරීමට එරෙහිව පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

සැකකාර ව්‍යාපාරිකයා ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඇති බවයි එහිදී ප්‍රකාශ වුණේ. අනුරාධපුර හිටපු මහදිසාපතිවරයාගේ අත්සනද හොරට යෙදා ඇතැයි එහිදී හෙළි වුණා.

කෙසේ වෙතත්, නඩුවට අදාළව සැකකාර ව්‍යාපාරිකයා දැනට ඇප මත මුදා හැර සිටිනවා. ඔහු ඔලුපොතගේ සුමින්ද සේනාධීර නම් අයෙක්.

නඩුව ලබන ජුනි මස 26 වැනිදා කැඳවීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles