ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා විපක්ෂයේ පොදු දේශපාලන සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ සමග සාකච්ඡා කිරීමට ඩලස් අලහප්පෙරුම මන්ත්රීවරයාට පැවරීමට නිදහස ජනතා සභාව තීරණය කර තිබෙනවා.
දේශපාලන සාකච්ඡා සාමාජිකයන් වෙන වෙනම සිදු කිරීමට යාම කණ්ඩායමේ සමගියට බාධාවක් බැවිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට විපක්ෂයේ පොදු සන්ධානයකින් තරග කිරීම කෙරෙහි එම කණ්ඩායමේ අවධානය යොමුවී ඇති අතර, ඒ සඳහා වන මූලික පියවරක් ලෙස මෙම සාකච්ඡා ආරම්භ කරනු ඇතැයි දැනගන්නට ලැබෙනවා.