භික්ෂු පරිච්ඡේදය ගිනි තැබූ විශ්වබුද්ධි ගැන දමිත් අසංක කතා කරයි

බුදුදහමට අපහාස කරන ලදැයි දෙවැනි වතාවටත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ රත්නපුරේ විමලබුද්ධි හෙවත් විශ්වබුද්ධ ලෙස හඳුන්වාගත් තැනැත්තා ප්‍රකට ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වුණා.

පසුව ඔහු විසින් සන්නස්ගල විසින් ලියන ලද භික්ෂු පරිච්ඡේදය නම් කෘතිය ප්‍රසිද්ධියේ පුළුස්සා දැමුවේ, එවැන්නකට සන්නස්ගලට අයිතියක් නැතැයි කියමින්.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක දමිත් අසංක විසින් ඉරිදා පුවත්පතකට තම අදහස මෙසේ පළ කර තිබුණා.

“බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නෙ ඉතා දුර්ලභ දෙයක්. නමුත් පසේ බුදුවරු රහත්වරු පහළ වෙනවා. මම ඔවුන්ගෙන් දකින දෙයක් තිබෙනවා. මම ඔය පුද්ගලයන් රඟපාන චරිතෙ හොයන්න ගියෙ නෑ. මම ඒ පුද්ගලයන් කියන දේවල් පිළිබඳව හොයන්න ගියෙත් නෑ. මම බැලුවෙ, ඔවුන් හෙව්වෙ මොකක්ද කියන එක. ඔවුන් ඉදිරිපත් කරන කරන තර්කවල යම් ගැඹුරක් තිබෙනවා. අපිට ශ්‍රද්ධාව තිබුණට තිබිලා තිබෙන්නෙ ශ්‍රද්ධාව නෙවෙයි වෙන එකක්. අපි කිසි වෙලාවක පුද්ගලයන් අල්ලගෙන වැඩක් නෑ. මම මේ ළඟදි දැක්කා ඔහු උපුල් ශාන්ත සන්නස්ගලගෙ භික්ෂු පරිච්ඡේදය පොත ගිනි තබනවා. මම පොත පුච්චන එක හොඳයි කියන්නෙත් නැහැ. නරකයි කියන්නෙත් නැහැ. ඔහුගේ තර්කය වුණේ ගිහියෙක් කොහොමද භික්ෂූන් පිළිබඳ පොතක් ලියන්නෙ කියලා. මෙච්චර පොත් තිබෙනවා ශාසනය ගැන ලියැවුණු. ත්‍රිපිටකය, ධම්මපදය, උම්මග්ගය නොකියවූ මිනිස්සු ගුරුවරයෙක් කියන දෙය හිස මුදුනින්ම පිළිගන්නවා. ඕවා නවත්වන්න විකෘති ස්වභාවයෙන් හැසිරෙන භික්ෂූනුත් ඉන්න ඕනෑ. අපි කාටවත් වෛර කරන්න හොඳ නැහැ. අපි ඔවුන් ගෙනෙන තර්කය මොකක්ද කියලා හිතල බලන්න ඕනෑ. අපි ධර්මය හරි තැනින් අල්ල ගන්න ඕනෑ. ධර්මය ගැන විකෘති ලෙස දකින්න එපා ප්‍රකෘති සිහියෙන් දකින්න. ඒගොල්ලන්ගෙ චරිත ගැන හොයන්නෙ නැතිව පව් පුරවගන්නෙ නැතිව අපේ ගමන අපි යන්න ඕනෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles