විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබෙනවා.
එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහැර ඇති බවයි සඳහන් වන්නේ.
කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද (24) මෙම නියෝගය ලබා දුන්නා.