ලිබියාවේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ව ගංවතුරට හසුව අතුරුදන් වූ සහ මිය ගිය පිරිස 8000 ක් පමණ වන බව එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
ලිබියාවට කඩා වැදී ඇති ඩැනියෙල් සුළි කුණාටුවෙන් පසුවයි එරට තුළ හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන්නේ.
ඩැනියෙල් කුණාටුවෙන් ඊසානදිගට අධික වර්ෂාපතනයක් ඇදහැලී ඇති බවත්, එවන් වර්ෂාපතනයක් ලිබියානු ඉතිහාසයේ කිසි දිනක සිදු වූ සිද්ධියක් නොවන බව ද විදෙස් මාධ්‍ය බව පවසනවා.
ඊට අමතරව මෙම සුළි කුණාටුවෙන් පසුව ඇති වූ ගංවතුරෙන් ලිබියාවේ ඇළ වේලි දෙකක් ද මුළුමනින් ම කඩා වැටී එම ප්‍රදේශයේම නිවාස සහ බොහෝ මිනිසුන් මුහුදට ගසාගෙන ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ගංවතුරෙන් දරුණු ලෙස බලපෑම් එල්ල වී ඇත්තේ ලිබියාවේ ඩර්නා නගරයට වන අතර එම නගරයේ ජීවත් වූ පුද්ගලයින් 2000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර තවත් 6000ක් පමණ අතුරුදන් ද වී ඇති බවයි පැවසෙන්නේ.
නැගෙනහිර ලිබියානු පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය අමාත්‍ය ඔත්මන් අබ්දුල්ජලීල් ප්‍රකාශ කරන්නේ මියගිය සිරුර තවමත් නගරයේ බොහෝ ස්ථානවල රැඳී තිබෙන අතර මේ වනවිට ඩර්නා නගරය හුදෙකලා වී ඇති බවයි.
Good morning 🌞. Budusarani.