ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අවසන් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වුණු අතර ලබන බ්‍රහස්පතින්දා (28) අදාළ නඩු විභාගයේ තීන්දුව ලබා දීමට නියමිතයි.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ගොස් සිටි අතරතුර ධනුෂ්ක ගුණතිලක තමාට ලිංගික හිංසන සිදුකළ බවට ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් විසින් එරට පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.
ඒ අනුව අත්අඩංගුවට පත් වූ ධනුෂ්ක පසුව දැඩි ඇප කොන්දේසි මහත මුදාහරුණු අතර ඔහුට එරෙහි නඩුව දින තුනක් පුරා නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණය හමුවේ විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට මෙලෙස විනිසුරුවරිය විසින් දින නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.