2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය නැවත වරක් දසුන් ශානකට හිමි වී තිබෙනවා.
ඒ අනුව දසුන් ශානක ලෝක කුසලානය තෙක් නායකයා වශයෙන් කටයුතු කිරීමට නියමිතයි.
කෙසේ වුවද ලෝක කුසලාන සංචිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැහැ.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) කණ්ඩායම් නම් කිරීම හෝ වෙනස් කිරීම සඳහා සැප්තැම්බර් 28 දක්වා කාලය ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 26 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බැවින් ඔවුන් පිටත්ව යාමට පෙර ඕනෑම වේලාවක ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ඉඩ තිබෙනවා.
මේ අතර නායකත්වය ලබා ගැනීමත් සමඟ දසුන් ශානක සිය ෆේස්බුක් පිටුවේ පැතිකඩ පින්තූරය (Profile Picture) මාරු කර තිබෙනවා. මේ වනවිට ඒ සඳහා බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද හිමිව තිබෙනවා.
එම පැතිකඩ පින්තූරය පහතින්,
.