ආසිරි පෞද්ගලික රෝහල විසින් වැඩි මිලට ඖෂධ විකිණීමට අදාළව එම රෝහලේ අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබෙන නඩුව සම්බන්ධයෙන් ලබන 27 වැනිදා දක්වා කිසිඳු ඉදිරි පියවරක් නොගැනීමට මාලිගාකන්ද අධිකරණයට අභියාචනාධිකරණය අද (12) දැනුම් දී තිබෙනවා.
ඒ ආසිරි පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නොතිසි නිකුත් කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පවරා තිබූ පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදීයි.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ධම්මිත ගනේපොළ හමුවේ කැඳවා තිබෙනවා.