පසුගිය දා කහවත්ත භීතියෙන් ඇළළුණු වයෝවෘද්ධ මව ගෙල කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රකට සමාජ සේවිකාවක්ද මාධ්‍යවේදියෙකුගේ මවක් ද වූ ඝාතනයට ලක් වූ කාන්තාව එම දියණිය සමග එක නිවසේ වාසය කර තිබෙනවා. නිවසේ සාලයේ ගෙල කපා, එහි තිබූ ලේ සෝදා දමා තිබු බවයි පෙරදී අනාවරණය වී තිබුණේ.
කෙසේ වෙතත් 38 හැවිරිදි එම කාන්තාව සිය මව ඝාතනය කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි මෙතෙක් අනාවරණය වී නැහැ.