පියාගේ ට්‍රැක්ටරයට යට වී දියණිය මරුට

මන්නාරම මුරුංගන් පොලිස් වසමේ පූවර්සන්කුලම් ප්‍රදේශයේදී කුඹුරු යායක සීසාමින් සිටි පුද්ගලයෙකුගේ ට්‍රැක්ටරයකට ඔහුගේ 8 හැවිරිදි දියණිය යටවීමෙන් මිය ගොස් ඇතැයි පොලීසිය පවසනවා.

මියගිය දැරියගේ පියා විසින් සිය කුඹුර සී සෑම සඳහා දියණියද කුඹුරට රැගෙන ගොස් කුඹුරේ නියරක් මත දියණියව හිඳුා සීසාමින් සිටින අතරතුරදී දියණියටද ට්‍රැක්ටරයට නැගීමට අවශ්‍ය බව පවසා තිබෙනවා.

එහිදී දියණිය ට්‍රැක්ටරයට නංවා ගැනීමෙන් පසුව පියා විසින් සී සෑම නැවත ආරම්භ කොට ඇති අතර ට්‍රැක්ටරය නියරක් මතින් යාමේදී ඇතිවූ ගැස්සීමෙන් දියණිය ට්‍රැක්ටරයෙන් වැටී එහි රෝදයකට යටවී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles