වනවාසී හිමිනමක් නොමිලේ බණට වැඩියාට උරණ වී 40000ට බණට වඩින ගමේ පන්සලෙන් ගුටි පූජාවක්

කලවැදි උල්පත ගම්මානයේ නිවසක ධර්ම දේශනාවක් සඳහා වැඩම කළ පදවිය ප්‍රදේශයේ වන වාසී භික්ෂුවකට 100ක පමණ පිරිසක් එක්වී පහරදී තිබෙනවා.

සිදුවීම පාලනය කිරීමට පොලීසිය එම අවස්ථාවේ මැදිහත්ව ඇති අතර අහසට වෙඩි තැබීමක් ද සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

අදාළ දානමය කටයුත්ත පැවැති නිවසේ පුද්ගලයා ගමේ විහාරස්ථානයේ හිමියන්ට දානයට බණට ආරාධනා කළද රුපියල් 40,000 ක මුදලක් දායක සභාවට නොගෙවන්නේ නම් පින්කමට වැඩම නොකරන බව දායක සභාව විසින් දන්වා තිබෙනවා.

මෙම මුදල නියම කර ඇත්තේ එම පන්සලේ දාන වේල් තුනක් ලබාදීමට අතපසු වීම හේතුවෙන් එම දාල වේල්වල පිරිවැය ලෙස ගණනය කරමිනුයි.

නමුත් එම මුදල ගෙවීමට නොහැකි වීමෙන් වෙනත් පන්සලක භික්ෂුවට මෙම පින්කමට ආරාධනා කර තිබෙනවා.

එම ආරාධනාව පිළිගෙන ගම්මානයට වැඩම කළ හිමියන්ට මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර උන් වහන්සේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles