පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර අද (06) පෙරවරුවේ මරදාන පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
ඒ අධිකරණය ලබාදුන් තීන්දුව අනුව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයේ වැඩ භාරගැනීම සඳහා ඊයේ (05) නිදහස් පක්ෂ මූලස්ථානය වෙත ගිය අවස්ථාවේදී ඊට ඇතුළුවීමට අවසර ලබා නොදීම සම්බන්ධයෙන්.
කොළඹ දිසා අධිකරණය මඟින් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකරට ලබාදුන් අධිකරණ තීන්දුවට අනුව ඔහු ඊයේ කොළඹ ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණියේ සිය ධූරයේ වැඩ භාරගැනීම සඳහායි.
කෙසේ නමුත් නිමල් සිරිපාලද සිල්වා පාර්ශ්වය විසින් පක්ෂ මූලස්ථානයට ඇතුළු වන ගේට්ටුව ඉබියතුරු දමා වසා තිබීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.
එවන් පසුබිමක දයාසිරි ජයසේකරට පක්ෂයේ වැඩ භාරගැනීමට සිදු වූයේ පක්ෂ මූලස්ථානයේදීයි.