තවමත් මළ සිරුරු හමුවෙන වන්නි සමූහ මිනීවල

වන්නි කොක්කුතොඩුවායි හිදී හමු වු ශ්‍රී ලංකාවේ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් කටයුතු යළි ආරම්භ කර සතියක් ගත වෙද්දී, පුද්ගලයන් නම දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගත් බවත් තවත් බොහෝ සිරුරු ගොඩ ගැනීමට ඇති බවත් වෝහාරික විශේෂඥයෝ පවසනවා.

සිරුරු ගොඩගැනීම මෙහෙයවන මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව සැප්තැම්බර් 13 වැනි දා කැනීම් කටයුතු නිමා විමෙන් පසුව තිදෙනෙකුට අයත් පුර්ණ ඇටසැකිලි තුනක් ගොඩගත් අතර සයිනයිඩ් කරලක් ද හමු වු බව ද සඳහන් කරනවා.

කැනීම් වලදී හමුවන මිනිස් අස්ථි හා අස්ථි කොටස් ඉතා සමීපව හා එකිනෙක මත පිහිටා තිබීම නිසා කැනීම් සදහා සැලකිය යුතු කාලයක් ගත වනු ඇති බවට අනුමාන කරන වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව කැනීම් කටයුතු සදහා ගතවන කාලය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද පවසනවා.

මේ වන විට ගොඩ ගෙන තිබෙන මානව අස්ථි කොටස් මුලතිව් දිස්ත්‍රික් රෝහලේ තැන්පත් කර ඇති බවයි වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව කියන්නේ.

යුද්ධයෙන් වැඩිම හානියට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි හිදී මාස දෙකකට ඉහත මතුවූ සමූහ මිනීවලේ කැනීම් කටයුතු අධිකරණ නියෝග මත සැප්තැම්බර් 6 වැනිදා උදෑසන සිට යළි ආරම්භ කර තිබෙනවා.

සමුහ මිනි වලේ කැනීම් කටයුතු සදහා මේ වන විට වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 57 ට ආසන්න බවයි පැවසෙන්නේ.

කෙටස් වූව ද කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් අහම්බයෙන් හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles