පොලිස් වැටලීමකදී පළාගිය සැකකරුවෙක් බිම ඇදවැටී සිහිසුන්වී ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව වාර්තා වෙනවා.
37 හැවිරිදි හලාවත පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ හලාවත රෝහලේදී සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මත්ද්‍රව්‍ය අඩංගු පොලිතීන් කවර කැබැල්ලක් ස්වරාලයේ සිරවීම හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකිවීමෙන් සිදුවූ මරණයක් බවට හලාවත රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කර තිබෙන බවද සඳහන් වෙනවා.