ෂාෆ්ටර් ඝාතකයෝ අත්අඩංගුවට ගන්න නියෝග

අබිරහස් අන්දමින් බොරැල්ල කනත්තේ දී මිය ගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණ පරීක්‍ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය එම මරණය අපරාධයක් ලෙස පෙනෙන බවත් සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිස් අධ්‍යක්ෂවරයාට නියෝග කරනු ලැබුවා.

පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනිදා සවස පහට පමණ බොරැල්ල සුසාන භූමි පරිශ්‍රයේ දිනේෂ් ශාෆ්ටර් මහතාව මෝටර් රථය තුළ දෙඅත් සහ ගෙළ තදවන සේ වයර්වලින් සිර කර තිබෙනු දුටු විධායක නිලධාරිවරයෙකු කනත්තේ සේවකයෙකු සමග එක්ව එම බැමි ලිහා ඔහු කොළඹ ජාතික රෝහලේ වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැය පහකට පමණ පසු ජීවිතක්ෂයට පත් වූ අතර මෙම සිදුවීම මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා.

කෙසේ වෙතත්, පසුව මම මරණය සියදිවි නසාගැනීමක් වැනි අදහස් මාධ්‍යවලින් පළ වුණා. අද තීන්දුව අනුව අධිකරණය මෙම මරණය ස්ථිර වශයෙන්ම ඝාතනයක් බව තීන්දු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles