හමාස් සටන්කාමීන්ට මරණය : ගාසා තීරය ඊශ්‍රායලයට

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සියලු දෙනාට මරණය උරුම කරමින් ගාසා තීරය ආක්‍රමණයට සූදානම් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසනවා.

ඒ අනුව ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීම අපේ අරමුණ බවත් හමාස් සංවිධිනයේ පාලන බලය අපි බිඳ දමමින් හමුදා ශක්තිය නැති කරන බවත් පවසන නෙදන්යාහු අල්ලා ගත් ඊශ්‍රායල වැසියන් අපි මුදා ගැනීම ද සිදු කරන බවයි එරට ජාතිය අමතමින් සඳහන් කරන්නේ.

එම අවස්ථාවට ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්, අමාත්‍ය බෙනී ගෑන්ට්ස් සහ ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීහු ද එක් වී සිටියා.

මේ අතර ඊශ්‍රායලය මේ වනවිට ගාසා තීරය වට කර ඇති අතර, ඊශ්‍රායල හමුදා ගාසා දේශසීමාවේ රඳවා සිටිනවා. ඒ ගාසා තීරයේ උතුරුදිග පළාත් හරහා පහර දෙමින් ගාසා තීරයට කඩා වැදී ආක්‍රමණය කිරීමටයි.

එසේම ඊශ්‍රායල ගුවන් හමුදාව පසුගිය 7 වැනිදා එල්ල වුණු හමාස් ප්‍රහාරයෙන් පසු දිගින් දිගටම ගාසා තීරයට පහර දෙමින් පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles