පැපුවා නිව්ගිනියාවේ ඛේදවාචකයෙන් මියගිය ගණන තවත් ඉහළට

පැපුවා නිව්ගිනියාවේ නායයෑමෙන් මියගිය සංඛ්‍යාව 2000ක් දක්වා ඉහළ යා හැකි බවට ඇස්තමේන්තු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නායයෑම සිදු වූ ස්ථානයේ අඩි 32ක පමණ පස් තට්ටුවක් තැන්පත් වී ඇති බැවින් සිරුරු ගොඩගැනීම ඉතා අසීරු මට්ටමක පවතින බව සඳහන්.

පසුගිය 24 වෙනිදා සිදු වූ නාය යෑමෙන් 100කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව තහවුරු වී ඇති අතර අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව 650ක් ලෙස මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

මෙලෙස නායයෑමට ලක් වූයේ පැපුවා නිව්ගිනියාවේ එංගා පළාතේ ජනාකීර්ණ ගම්මානයක් වන අතර එම අවස්ථාවේ පුද්ගලයින් 3800ක් පමණ එහි සිට ඇතැයි හෙලි වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles