රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කරනු ලැබුවා.
මෙම පෙත්සම අද (22) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබුවා.