අවම වතු වැටුප ගැන තීරණයක්

වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට අද (10) පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඊට කම්කරු රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් , වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් එක් වූ බව සඳහන්.

ඒ අනුව මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කම්කරු කොමසාරිස්වරයා පියවර ගනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles