එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සඳහා යම් ආරම්භයක් ලබාදිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
“අපි යොමු වෙලා ඉන්නේ වැඩිපුර විදුලියෙන් ක්‍රියා කරන වාහන ගේන්න. වාහන ආනයනය කරන්නේ කොහොමද කියලා යම් ආරම්භයක් දෙන්න සූදානමින් ඉන්නවා. ඊට අදාළ කමිටු වාර්තාව අගෝස්තු මස දෙවන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.