ආරක්ෂක අමාත්‍යංශ සේවකයෙක් මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි

ආරක්ෂක අමාත්‍යංශයේ මහනගර හා සංවර්ධන අංශයේ ලිපිකරුවෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 6, මිලිග්‍රෑම් 30ක් තිබී සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

වේයන්ගොඩ පදිංචි 30 වියේ පසුවෙන මෙම සැකකරු හෙරොයින් පානයටද ඇබ්බැහි වූවෙකු බව පොලිසිය සැක පළ කරනවා.

අත්තනගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles