ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න හා යුද හමුදාපති විකුම් ලියනගේ යන අය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
මන්ත්‍රීවරයා මේ පිළිබඳ සඳහන් කරමින් කියා සිටියේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී මන්ත්‍රීවරයා සමග ඔවුන් දෙදෙනා ඇතිකරගත් වචන හුවමාරුවකට අදාළව පාර්ලිමේන්තු ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාව හමුවේ ඔවුන් තමාගෙන් සමාව ඉල්ලා සිටි බවයි.
සන්නද්ධ හමුදා කාර්ය මණ්ඩලය ලක්ෂයක් දක්වා අඩු කිරීමේ යෝජනාවක් පිළිබඳව පැවති සාකච්ඡාවකදී මෙම ගැටුම ඇති වී ඇති වූ බව කී මන්ත්‍රීවරයා වැඩිමනත් කියා සිටියේ ආරක්ෂක ලේකම්වරුන් විසින් මන්ත්‍රීවරයාව බියගන්වමින් සහ තර්ජනය කරමින් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව විමර්ශන වාර්තාවන්ට අදාළව හෙළි වී ඇත්තේ මන්ත්‍රීවරයා සාමකාමීව අදහස් දක්වා ඇතත් ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසගෙන් ලද ප්‍රතිචාර මත කාරක සභා රැස්වීම උණුසුම් වි ඇති බවටයි. එබැවින් මන්ත්‍රීවරයාගෙන් සමාව ගන්නා ලෙස කාරක සභාව විසින් නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ පළමු ලිපිය පහතින්,