දෙහිවල සත්වෝද්‍යානයේ සිටි “හේලි” නම් ජිරාෆ් ගැහැනු සත්වයා මිය ගොස් ඇත්තේ පශු වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා බව කියමින් ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමයේ සභාපති ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් විසින් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා.
මේ ජිරාෆ් මරණයට හේතුව සොයා බලා වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ. සත්වෝද්‍යානයේ සිටින ඇතැම් පශු වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත පසුගිය කාලයේ සීබ්‍රා සතුන් 4 දෙනකුද, කැතිබරා සත්ත්වයින් දෙදෙනෙකුද, බූරුවෙකු ඇතුළු තවත් සත්ත්වයින් කීප දෙනෙකුම මිය ගිය බව ඔහු කියා සිටියා.
සිදුවීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් තමන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව වෘත්තීය සමිති සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් රංජන් මාරසිංහ පවසන්නේ මේ ගැන සාධාරණ පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවයි.