කටුපොල් වගා තහනම ඉවත් කරන්නැයි ඉල්ලීමක්!

පාම් ඔයිල් පිණිස වගා කරන කටු පොල් හෙවත් පාම් ශාකය සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය නැවත සලකා බලන්නැයි ජනපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ආසියානු පාම් ඔයිල් සංගමය විසිනුයි (APOA) මෙලෙස මෙම ඉල්ලීම කර ඇත්තේ.

ඉන්දියාව, බංගලිදේශය, නේපාලය, ශ්‍රී ලංකාව සහ පකිස්තානය යන රටවල පාම් ඔයිල් කර්මාන්තය නියෝජනය කරන බහුපාර්ශ්වික ආයතනයක් වන APOA, පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් මෙම ප්‍රතිපත්ති තීරණය නිසා රටට සිදුවන හානිය සඳහන් කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ උපායමාර්ගික සැලසුම්, සහයෝගීතාවය සහ තිරසාර භාවිතයන් සමඟින් ශ්‍රී ලංකාවට එහි ස්වභාවික සම්පත් සහ පරිසර පද්ධති ආරක්ෂා කරමින් පාම් වගාව සිදු කිරීමට හැකි බවයි.

“අපගේ අත්දැකීම් බෙදාහදා ගැනීමටත්, එළවළු තෙල්වලින් ස්වයංපෝෂිත වීමටත් විදේශ විනිමය පිටරටට ඇදී යාම අවම කිරීමටත් රට තුළ ෆාම් ඔයිල් මෙට්‍රික් ටොන් 250,000ක් නිෂ්පාදනය කිරීමේ දැක්මක් ඇතිව පාම් ඔයිල් මෙහෙයුමක් සැලසුම් කිරීමට ශ්‍රී ලංකා රජයට සහය වීමට අපි කැමැත්තෙමු” යනුවෙන් එම ලිපියේ වැඩිදුරටත් ඔවුන් කියා සිටිනවා.

කෙසේ වෙතත්, 2021 වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා රජය එතෙක් පාම් වගාව හා සම්බන්ධව පැවති ප්‍රතිපත්ති වෙනස් කරමින් පාම් තෙල් ගෙන්වීම හා එම භෝගය නැවත වගා කිරීම මෙන්ම පැවති වගාව ක්‍රමයෙන් ඉවත් කිරීමටද තීරණය කරනු ලැබුවා. පරිසර අධිකාරිය මඟින් ලබාදුන් වාර්තාව හා පරිසරවේදීන් සහ විවිධ මාධ්‍ය මඟින් දැනුවත් කිරීම් මගින් කටුපොල් වගා කිරීම නිසා රටෙහි ජෛව විවිධත්වයට විශාල හානියක් වීම, භූගත ජලයේ අඩුවීමක් සහ එම ජලය දුෂණය වීම, පාම් තෙල් රට වැසියන්ගේ ශරීර සෞඛ්‍යට අයහපත් වීම සහ අහිතකර සමාජ ආර්ථික බලපෑම් ඇති වීම වැනි කරුණු මෙම තීරණයට හේතු වුණා. කටුපොල් වගාකරුවන්ගේ ඉල්ලීම් පරිදි පවතින කටුපොල් වගාව ඉවත් කිරීමට බලපෑම් එල්ල නොකිරීමට තීරණය කෙරුණු අතර නැවත පැළ රෝපණය කිරීම හෝ වගාව ව්‍යාප්ත කිරීම පමණක් තහනම් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles