ඩෙංගු: තත්වය බරපතළ වෙයි!

2023 වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 65,000 ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

2023 වසරේ ඔක්තෝබර් 08 වැනිදා වන විට රෝගීන් 65,178ක් වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා. එම ගණන 13,700 ක්.

බස්නාහිර පළාතෙන් රෝගීන් 31,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය පළාත් වශයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාව වෙනවා. ඔක්තෝම්බර් මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 692 ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර, 2023 ජනවාරි සිට මේ දක්වා ඩෙංගු මරණ 38 ක් වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

මෙම සන්දර්භය තුළ ඩෙංගු රෝගයෙන් මිදීම සඳහා තම අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles