2020 සහ 2021 යන වසර දෙකේම වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව අභිබවා යමින් මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 74,000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, රෝගීන් 15,837 කට අධික සංඛ්‍යාවක් බව සඳහන්.
බස්නාහිර පළාතේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 35,337 ඉක්මවා ඇති බවයි වාර්තා වූයේ.
පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් මෙම රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.