දෙරණ ජඩ – කැත ලැජ්ජ නැති නාලිකාවක් ද? ප්‍රශ්නය අධිකරණය හමුවට!

ප්‍රහසන ශිල්පී හසළක තුෂාර විසින් කරන ලද ප්‍රකාශයකින් දෙරණ නාලිකාවේ කීර්ති නාමයට අපහාසයක් වූ බව පවසා රුපියල් මිලියන 500ක වන්දියක් සහ සමාව ගැනීමක් ඉල්ලා ඔහු වෙත එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

ඒ දෙරණ නාලිකාවේ හිමිකරු වන පවර්හවුස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් නීතිඥවරයෙකුගේ මාර්ගයෙන්.

දීර්ඝ ලෙස කරුණු යොමු කරමින් ඔවුන් පවසන්නේ, සිය නාලිකාව වසර ගණනාවක් තිස්සේ සම්මාන රාශියක් දිනාගත් පිළිගත් මාධ්‍ය ආයතනයක් බවයි.

තමන්ගේ තරඟකරුවෙක් ලෙසින් කටයුතු කරන හසළක තුෂාර VLOG POD TALK නම් වැඩසටහනින් සිය කීර්තිනාමයට හානි වන ද්වේශසහගත ප්‍රකාශ සිදු කළ බව කියන එම ලිපියෙන් තවදුරටත් කියා ඇත්තේ ජඩ, කැත, ජරා, කුජීත, පජාත, අපත, චාටර්, ලැජ්ජා නැති සහ චොර මාධ්‍ය නාලිකාවක් වශයෙන් හඳුන්වා දී ඇති බවයි. එය ස්වාධීන විවේචකයෙක් ලෙස නොව තවත් මාධ්‍යකරුවෙක් ලෙස සිදු කළ බැවින් එය මාධ්‍ය සදාචාරයටද පටහැණි බව එම එන්තරවාසියේ දැක්වෙනවා.

උපුටා ගැනීම
ඉහත කී ඔබ විසින් සිදු කරන්නට යෙදුනු අපහාසාත්මක ප්‍රකාශ හේතුවෙන් මාගේ සේවාදායකයාගේ කීර්ති නාමයට සිදු වූ හානිය මාගේ සේවාදායක විසින් සාධාරණ ලෙස රුපියල් මිලියන 500කට (රු500000000/-) අගය කර සිටින අතර එකී මුදල ඔබ විසින් මෙම ලිපියේ දින සිට දින හතක් (07) ඇතුළත මාගේ සේවාදායක වෙත ගෙවන ලෙස ඔබට දැනුම්දීමට මා වෙත උපදෙස් ලැබී ඇත.

උපුටා ගැනීම අවසන්.

කෙසේ වෙතත්, මිලියන 500ක මුදලට අමතරව එම අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් සමාව අයදිමින් සහ කණගාටුව ප්‍රකාශ කරමින් තවත් වැඩසටහනක්ද ඉදිරිපත් කළ යුතු බව ප්‍රහසන ශිල්පී තුෂාරට එයින් දන්වා තිබෙනවා.

එය පැහැර හරින්නේ නම්, VLOG POD TALK නාලිකාව වෙත අතුරු තහනම් නියෝගයක් ලබා ගන්නා බවත් ප්‍රහසන ශිල්පියාට එරෙහිව නඩු පවරණ බවත් එම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles