කොළඹට නැවත එල්ල කරනවා යැයි කී බෝම්බ ප්‍රහාරය ගැන දේශබන්දු කතා කරයි

කොළඹ නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට බන්ධනාගාර රැදවියෙකු විසින් ලබාදී ඇති පණිවිඩය කිසිදු සත්‍යතාවක් නැතැයි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

අදාළ ප්‍රකාශය කිසිදු සත්‍යතාවයක් නැති බවත් එය අදාළ සැකකරු අවධානය ගැනීමට කළ දෙයක් පමණක් බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

මෙරට ක්‍රියාත්මක පාතාල කණ්ඩායම් ඉදිරි මාස හයක කාලය තුළ සම්පූර්ණයෙන්ම නතර කිරීමේ සැලසුමක් සකස් කර ඇති බවද හෙතෙම එහිදී පෙන්වා දුන්නා.

“අනුරාධපුරේ බන්ධනාගාරගත වෙලා ඉන්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් උසාවියට අරගෙන එනකොට බස් රථයෙන් එළියට විසි කරලා තිබුණා කුඩා කොළ කැබැල්ලක්. එකේ තිබුණා යළිත් වරක් කොළඹට ප්‍රහාරයක් එල්ල කරන්න අපි සූදානමින් ඉන්නවා කියලා. එය ඔහුට අවධානය ගැනීමට කළ දෙයක්. එහි කිසිදු සත්‍යතාවයක් නැතැයි අනාවරණ වුණා” යැයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles