ජවිපෙ විරෝධී උද්ඝෝෂණ කළ දේශකීර්ති ශ්‍රී දේශබන්දු ලංකාපුත්‍ර අයිස් එක්ක මාට්ටු

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට ජාතික ජනබලවේගයේ රජයක් යටතේ කටයුතු කරන බවට ප්‍රකාශයක් කළ බව කියමින් පසුගිය දා පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානය අසල උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.

එහි සිටි ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

කඩුවෙල, වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටින චමින්ද නානායක්කාර නමැති මොහු දේශකීර්ති ශ්‍රී දේශබන්දු ලංකාපුත්‍ර ගෞරව නාමයක්ද සමාජ සේවා සුබසාධන කීර්ති ශ්‍රී ජනරංජන නාමයක්ද දරණ බවයි පැවසෙන්නේ. එසේම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්ව සිටි සුගීෂ්වර බණ්ඩාරගේ සමීපතමයෙක් බවද කියැවෙනවා.

ජාතික ජනබලවේගය ගණිකා වෘත්තිය නීතිගත කරන්නට යන්නේ යැ යි කියමින් කළ උද්ගෝෂණයේදී ඔවුන් කියා සිටියේ, එම ප්‍රකාශ මගින් මෙරට සංස්කෘතියට සභ්‍යත්වයට වන හානියට තමන් විරුද්ධ බවයි.

කෙසේ වෙතත්, මීගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

1 COMMENT

  1. ජ වි පෙ එහෙම කීවෙ නෑ.ටිල්වින් මහත්මයාගෙ කතාවෙ ඔක්කොම කියවලා බලන්න. එක කෑල්ලක් අල්ලගෙන මුන් වැලලෙන්න හදනවා.මේවන විට රටේ ක්‍රියාත්ම වන ස්ත්‍රි දූෂන බලහත්කාරකම් දේශපාලකයො කරන වනචරකම් බැලුවාම සහ පොදුවෙ වන ලමා අපචාර ඒ නිසා සිදුවන ඝාතන බැලුවාම මේ වෘතිය නීතිගත කලා නම් මේ අසහන කාරයොන්ට ඔය තැන්වලට ගිහිල්ලා තමාගෙ සිතැගි ඉටුකර ගත හැකිනෙ.එතකොට මේ අපරාධ ටිනක් අඩුවෙයිනෙ. වගේ අදහසක් තමයි කිවෙ.තවද ස්ත්‍රිය පත්වෙලා තියෙන මේ ආර්තික පරිහානිය නිසා ඔවුන් සූරාකෑමට ලක්ව ඇති බවත් ඔහු කීවා. ඒකෙන් කියැව්වෙ නෑ ජවිපෙ රජයකදී ගනිකා වෘතිය නීතිගත කරන වගක්. මේ මඩගහන උන්ට ස්වබාව දර්මයෙන් දඩවම් ලැබේවි. ටිල්වින් කීවෙ කාන්තාව වැටී තියෙන අගාදයෙන් ගොඩ ගත්තම මේ වෘතිය නැතිවෙලා යයි කියලා. මොකද කිසිම කාන්තාවක් ඇග විකුනන්න කැමත්තෙන්.එයාල කැමති නෑ මේ වෘතිය කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles