මාස තුනකට වැඩ භාර ගත් දේශබන්දු

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (30) සිය කාර්යාලයේදී වැඩ භාර ගත්තා.

තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස මාස තුනකටයි ජනාධිපතිවරයා විසින් ඊයේ (29) පත් කළේ.

මේ අතර තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනුම් දී තිබෙනවා.

එසේම වැඩබලන පොලිස්පතිවරයාගේ නම තමන්ට ඊයේ පස්වරුවේ ලැබුණු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසා ඇති අතර ඒ අනුව එම පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කඩිනමින් රැස්කිරීමට බලාපොරොත්තු වන බවයි කථානායකවරයා ප්‍රකාශ කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles