සමුගත් නර්තන රැජිනි ගැන ඔබ නොදත් විස්තර

ශ්‍රී ලංකාවේ නර්තන කලා ක්ෂේත්‍රයේ විසල් නමක් දිනාගත් රැජිනි සෙල්වනායගම් ඊයේ (22) අභාවප්‍රාප්ත වුණා. ඇය ගැන බොහෝ දෙනා නොදත් විස්තරයි මේ,

රැජිනි සෙල්වනායගම්ගේ උපත සිදුවන්නේ රත්නපුර-බලංගොඩ ප්‍රදේශයේ. ඒ 1952 දී. පියාගෙන් දෙමළ සංස්කෘතික හරයනුත්, මවගෙන් සිංහල සංස්කෘතික හරයනුත් ලබා ගන්න ඇය වාසනාවන්ත වුණා.

ඇගේ ජීවිතයේ සුවිශේෂ හැරවුම ලෙස ගැනෙන්නේ ඇය රත්නපුර ගන්කන්ද මහා විද්‍යාලයට ඇතුළත් වීමයි. එහිදී ඇයට නර්තනාචාර්ය සරත් ලාල් පනාවල යටතේ ශිල්ප හදාරන්නට හැකි වුණා. එම කාලයේ නැටුම් ශිල්පය කාන්තාවන්ට සුදුසු ලෙස සැලකුණු දෙයක් නොවුණ නිසා ඇයට මේ ශිල්ප හැදෑරීම සිදු කළ හැකි වූයේ ඉතා බාධක අතරයි.

පාසල් අධ්‍යාපනයෙන් පසුව ඈ කොළඹ සෞන්දර්ය පීඨයට ඇතුළු වී වසර 5ක් නර්තන ශිල්ප ඩිප්ලෝමාව හැදෑරුවා.

නැටුම් ගුරුවරියක ලෙස මුල්ම පත්වීම ලබා ඇය සේවයට ආවේ හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසලටයි. 1975 දී ආරම්භ කරන ලද ‘චාමර‘ කලායතනයේදී ඇය බොහෝ සිසු සිසුවියන්ට නර්තනය මෙන්ම ජීවිතයට බොහෝ දේ කියා දුන්නා. චන්න – උපුලී ඇතුළු මෙරට පසුකාලීන නර්තන පර්ම්පරාවන්ගේද මුල් ගුරුවරිය වන්නේ ඇයයි.

ඇය නර්තන ශිල්පිනියක් ලෙස පසුකාලයේ බොහෝ ඉසව් අතික්‍රමණය කළත් ඇය ටෙලිනාට්‍ය නිළියක් ලෙස බොහෝ දෙනා දන්නේ නෑ. ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ සරස්වතී නාට්‍යයේ ප්‍රධාන නිළිය වූයේ ඇයයි. කමල් අද්දරආරච්චි සහ ශ්‍රියන්ත මෙන්ඩිස්ද කළ එළි බැස්සේ එම නාට්‍යයෙන් බවයි කියැවෙන්නේ.

අබේවර්ධන බාලසූරිය විසින් 80 දසකයේ ජාතික රූපවාහිනියට අධ්‍යක්ෂණය කළ නන්දන වින්දන වැඩසටහන්වල ඇගේ නර්තන නිතර දකින්නට තිබුණා.

කාලය ගත වන විට ඇය මෙරට නර්තන ක්ෂේත්‍රයට දායක කළ සිසු සිසුවියන් සංඛ්‍යාව විශාලයි. දෙස් විදෙස් පතළ වූ ඇය ලාංකේය නර්තනයේ නමක් රැන්දූවා.

මිය යන විට ඇය පිළිකාවකින් පෙළෙමින් සිටියත් නර්තන ක්ෂේත්‍රයට තිබූ බැඳීම අතහැර තිබුණේ නැහැ. දිවියෙන් සමුගනිද්දී ඇයට වයස අවුරුදු 71ක් වුණා.

ඇගේ දේහය මහජන ගෞරවය උදෙසා අද(ඉරිදා )උදෑසන 8 සිට 23 දා රාත්‍රිය දක්වාම බොරැල්ල ජයරත්න ගෞරව ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

පසුව අංක 6, කරුණාතිලක පෙදෙස, කොලොන්නාව යන ලිපිනය දරන ඇයගේ කලායතන භූමිය වෙත දේහය රැගෙන යන අතර, 24 සහ 25 දෙදිනේ ම ට එහිදී ගෞරව දැක්වීමට ඉඩ සැලසෙනවා. 25 වැනිදා සවස 3.30ට දේහය එම ස්ථානයෙන් බොරැල්ල වෙත රැගෙන එන අතර සවස 5ට දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේ දී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Lankaline.lk වෙබ් අඩවියේ ශෝකය ඇගේ සමුගැනීම වෙනුවෙන් පළ කරන්නට අප මෙය අවස්ථාවක් කරගන්නවා.

  • ඡායාරූප ස්තුතිය – දයාන් විතාරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles