එළඹෙන ජනාධිපතිවරණයදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරාට ලබා දිය යුතු ය යන දැඩි මතයේ බැසිල් රාජපක්ෂ සිටින බව වාර්තා වෙනවා. තමාගේ පාලනයට යටත් අයෙකුට එම ධුරය ලබා දිය යුතු බවයි ඔහු කියා ඇත්තේ.
පසුගිය කාලය පුරා සියලු පක්ෂ කටයුතු වෙනුවෙන් වියදම් දැරුවේ ධම්මික පෙරේරා බවත් මේ සියල්ල ඔහු සිදු කරමින් සිටින්නේ ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීමට බවයි වාර්තා වන්නේ. පක්ෂයට පමණක් නොව, පොදුජන පෙරමුණේ මන්ත්රීවරු ගණනාවක්ද මේ වන විට නඩත්තු කරමින් සිටින්නේ ධම්මික බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.
ඉදිරි ජනපතිවරණයෙන් වත්මන් ජනපතිවරයා හෝ සිය පක්ෂයට ජය ගැනීමට බැරි බව ගණන් බලා ඇති බැසිල් අපේක්ෂා කරන්නේ ධම්මික පෙරේරා ඉදිරියට දමා විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් රාජපක්ෂ පවුලේ අනෙක් පිරිසගේ අදහස රනිල් වික්රමසිංහ වෙත සහය පළ කිරීම බව කියැවෙනවා. DP Education හරහා තමා ලබා ඇති ජනප්රසාදයත් පොදුජන පෙරමුණේ ඡන්ද පදනමත් පාදක කරගෙන ජනපති බවට පත් වීමට තමාට හැකියාව ඇති බව ධම්මික උදක්ම විශ්වාස කරන බවයි ඔහුට සමීප ආරංචි මාර්ග පවසන්නේ.