අපේක්ෂකත්වය නොදුන්නොත් කරන දේ ධම්මික කියයි

සියලු දෙනාගෙන්ම වැඩ ගත හැකි නායකයෙක් සිටින්නේ නම් ඒ තමන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසනවා.

ඒ සඳහා අවශ්‍යතාවයක් ඇත්තේ නම් ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණ තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය දීමට තීන්දුවක් ගත යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

ජනාධිපතිවරනයට ඉදිරිපත් නොවන්නේ නම් නැවත දේශපාලනය කිරීමේ බලාපොරොත්තුවක් තමන්ට නැති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටිනවා.

අනුරාධපුරයේ පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට ආර්ථිකය වර්ධනය කිරීමේ සැලැස්මක් තමන්ට ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles