ඕස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළැයි චෝදනාවට ලක් වූ මෙරට ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලිසිය අසාධාරණ ලෙස කටයුතු කර ඇති බවට සිඩ්නි නුවර අධිකරණයක් තීන්දු කර තිබෙනවා.
එය විභාග කළ සාරා හගේට් විසින් පවසා ඇත්තේ රජයේ පාර්ශ්වය පැවරූ නඩුවේ සැලකිය යුතු ගැටලු ඇති බවයි. මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඇය නියෝග කර ඇත්තේ ඔහුගේ නඩු ගාස්තු ලබා ගත හැකි වන පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසයි.