ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතරවරයක් කළ බවට චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ජූරියක් රහිත නඩු විභාගයක් ඉල්ලා තිබෙනවා. ඒ් සිය නීතිඥවරු මාර්ගයෙන්. විනිසුරුවරයෙක් පමණක් සිය නඩුව විභාග කරන ලෙසයි ඔහු ඉල්ලා තිබෙන්නේ.
මෙම වසර මුලදී ඔහුට එරෙහි තවත් චෝදනා තුනක් ඉල්ලා අස්කර ගැනුණා. ඉතිරි චෝදනාව වන්නේ කාන්තාවගේ කැමැත්තෙන් තොරව ලිංගික එක්වීමක් සිදු කළා යන්නයි. එම චෝදනාවට තමන් නිවැරදිකරු බවට ගුණතිලක කියා සිටි බැවින් නඩුව විභාග කරනු ලබනවා.
සිඩ්නි නුවර නැගෙනහිර රෝස් බේ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව 2022 නොවැම්බර් 6 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයේදී ධනුෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගනු ලැබුවේ සිඩ්නි නුවර පොලිසිය විසින්. පසුගිය වසරේ නොවැම්බර් 17 වැනිදා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ දෙකක මුදල් ඇපයක් මත මුදා ඔහු මුදා හරිනු ලැබුවා.