ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔහුට එල්ල වී තිබූ ලිංගික අපහරණ චෝදනාවෙන් නිදහස ලබා තිබෙනවා.
සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ තීන්දුවට සවන් දෙමින් සිටියදී 32 හැවිරිදි ඔහු නිදොස් කොට නිදහස් කළා.
විනිසුරු හගෙට් ඇගේ තීන්දුව කියවන විට ඔහු ප්‍රතිචාර නොදැක්වූ අතර, ඔහු නඩු විභාගය පුරාම ඔහුට සහාය දුන් කාන්තාවක් බදාගෙන සිපගත්තා.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙරටදී පැවති පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේදී ඇප්ලිකේෂනයක් හරහා හඳුනාගත් තරුණියකට අතවර කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කෙරුණා.
කෙසේවෙතත් එයින් 03 ක් පසුව ඉවත් කරගැනීමට ඔස්ට්‍රේලියානු නීති අංශ පියවර ගත්තා.
තරුණියගේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල නිරතවීම යන චෝදනාව යටතේ පමණක් අනතුරුව මෙම නඩු විභාගය සිදු කෙරුණා.
ධනුෂ්ක ගුණතිලකට මුල් අවධියේදී සමාජ මාධ්‍ය තහනමක් මෙන්ම නවාතැන් ගෙන සිටින ස්ථානයෙන් පිටතට යාම පවා තහනම් කර තිබු නමුත් පසුව එම රෙගලාසි ලිහිල් කරනු ලැබුවා.
මෙම සිදුවීමට අදාළව ධනුෂ්ක ගුණතිලකට ක්‍රීඩා තරග තහනමක්ද පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබුවා.