රටම රැවටූ ඩයනා රජයේ වාහන භාර නොදී කට්ටි පනී

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කරන විට ලබා දී තිබූ වාහන හතරක් තවමත් අමාත්‍යංශය වෙත භාර දී නැතැයි වාර්තා වෙනවා.

එම වාහන හතර භාර දෙන ලෙස සංචාරක අමාත්‍යංශය පසුගිය අටවෙනිදා ඩයනා ගමගේට දැනුම් දී තිබුණත් ඇය එම වාහන භාර නොදී මඟහරිමින් සිටින බව සඳහන්.

ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක්, ඩබල් කැබ් රථයක්, ප්‍රාඩෝ ජීප් රථයක් සහ නිසාන් වර්ගයේ මෝටර් රථයක් මෙලෙස යළි ලබා නොදී හිටපු මන්ත්‍රීවරිය සන්තකයේ තබාගෙන සිටින බව පැවසෙනවා.

මේ අතර ඩබල් කැබ් රථය රථය අනතුරකට ලක්ව ඇති අතර එය මේ වන විට කුරුණෑගල පොලිසියේ රඳවාගෙන තිබෙන බවද වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles