කංසා වගා කිරීමට අවසර ලබා දීමේ කැබිනට් පත්‍රිකාවට අවසර ලැබී ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.
ඊට අදාළ ගැසට් පත්‍රිකාව සති දෙකක් ඇතුළත නිකුත් කෙරෙනු ඇති බවයි අමාත්‍යවරිය පවසන්නේ.
මෙම වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කර ඇති බවත් සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කිරීමේ අවශ්‍යතාව ඇති බවත් ඇය තවදුරටත් පැවසුවා. ඇල්ල, නුවරඑළිය, ගාල්ල සහ කොළඹ මෙවැනි නගර බවට පත් කළ යුතු බවයි ඇය සඳහන් කළේ.
කෙසේ වෙතත්, පසුගිය ජනවාරි මස සිට සැප්තැම්බර් දක්වා මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව මිලියනයක් බව පසුගිය දා වාර්තා වුණා.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඇමැතිනී ඩයනා ගමගේ මේ අදහස් පළ කළා.