මෑත කාලයේ ජනප්රියතම පොදු ජන ගායකයා ලෙස සැලකිය හැකි චාමර වීරසිංහගේ රසිකයන් වෙත නරක ආරංචියක් පැමිණ තිබෙනවා.
අසනීප තත්වයක් හේතුවෙන් චාමර සිය ගායන කටයුතු මඳකට නවතන බව සඳහන් කිරීම ඊට හේතුවයි.
සිය නිල ෆේස්බුක් ගිණුමේ ගායකයා මෙසේ සටහනක් තබා තිබෙනවා. මේ ගැන විමසීමට අප ඔහු ඇමතුවත් ඔහුගේ දුරකතනය සම්බන්ධ කරගැනීමට නොහැකි වුණා.
එච්.ආර්. ජෝතිපාල ගායකයාගෙන් පසු පොදු ජන විඥානයට වඩාත් සමීප වූ ගායන තරුව ලෙස සැලකිය හැකි චාමර වීරසිංහ ඉතා ඉක්මනින් සුවපත් ව සිය ස්වර අවදි කිරීමට හැකි වේවායි Lankaline අපගේද ප්රාර්ථනයයි.