මෙරට කතෝලිකයන්ගේ වැදගත් උත්සවයක් වන මන්නාරම මඩු පල්ලියේ මංගල්‍යය පසුගිය දා පැවැත්වුණා. උත්කර්ෂවත්ව පැවැත්වෙන මඩු මංගල්‍යය සඳහා සාමාන්‍යයෙන් මෙරට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි නම නිරන්තරයෙන් සහභාගි වෙතත් මෙවර සහභාගී වූයේ නෑහැ.
එසේ කාදිනල්වරයා සහභාගි නොවීමට හේතුව ජනපති රනිල් වික්‍රමසිංහගේ සහභාගි වීම බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගැනීමට ලැබෙනවා. ආරංචි මාර්ග අනුව කතෝලික රදගුරුවරුන් බහුතරයක් ජනපතිවරයාගේ පැමිණීමට කැමැත්ත පළ කර තිබෙන බැවින් ජනපතිවරයා උත්සවයට සම්බන්ධ වී තිබෙනවා.
මඩු මංගල්‍යයේ උත්සවය අවසානයේ අල්තාරයේ දී ජනපතිවරයා කතාවක් පවත්වනු ලැබූ අතර එයට විරෝධය පළ කරමින් ඇතැම් කතෝලික පාර්ශ්වයන් සමාජ මාධ්‍ය සටහන් තබා තිබුණා. පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටු නොවී ඇති පසුබිමක, මානව හිමිකම් සම්බන්ධයෙන් ජනපතිවරයා මායිම් නොකරන පසුබිමක මෙලෙස ඔහුව කැඳවා අල්තාරයෙහි සිට කතාවක් පැවැත්වීමට ඉඩ සැලැස්වීම සම්බන්ධයෙන් ඔවුන් සිය විරෝධය පළ කර තිබෙනවා. එවැනි විරෝධය පළ කරනු ලැබූ සමාජ මාධ්‍ය සටහන් දෙකක් පහතින් දැක්වෙනවා.
එපමණක් නොව කතෝලික සභාවේ නිල පුවත්පත වන ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ කතුවැකියෙන්ද මෙයට පළ කර තිබුණේ විරෝධයක්. කතුවැකිය පහතින් පළ වෙනවා.
https://web.facebook.com/photo?fbid=6505693996182352&set=a.331575956927551
https://web.facebook.com/photo?fbid=278253484941943&set=a.135491325884827