එන්නත්වලින් මැරුණට පැණියෙන් මිනිස්සු මැරුණෙ නෑ : දිලිත් ජයවීර

“කොවිඩ් එන්නත් ගහලා මැරුණු අය ගැන වාර්තා වුණා සහ තවමත් වාර්තා වෙනවා. නමුත් පැණිය බීලා මැරුණ අය ගැන වාර්තා වුණා ද? නැහැ. එතකොට නයත් දේශීයයි. පැණියත් දේශීයයි. දේශීය දේවල් දරාගන්න බැරි ලොකු අහවල් අමාරුවක් තියෙනවා ගොඩක් අයට. මේ නයා ආවානම් වෙන කොහෙන් හරි ඌ හොද නයෙක් වෙනවා. පැණිය ආවා නම් ෆයිසර් ලේබලය ගහලා එහෙනම් අන්න පැණිය.”

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මෙලෙස අදහස් පළ කරනු ලැබුවේ, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මොනෑෂ් සරසවියේදී පැවැත්වූ සාකච්ඡාවකදීයි.

එහිදී ඔහු කියා සිටියේ, තමා ගෝඨාභය රාජපක්ෂ වෙත සහය පළ කිරීමට තීරණය කරනු ලැබුවේ ඔහු අනෙකුත් රාජපක්ෂවරුන් මෙන් හොරෙකු නොවන නිසා බවයි. එහෙත් එසේ බලයට ගෙනා ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභයගේ බෑණා විසින් ගෙදර යැවූ බව ඔහු තවදුරටත් කියා සිටියා.

තමන් දේශපාලනයට අකමැති නමුත් දේශපාලනය කිරීමට සිදුව ඇති බවත් තමන් වැරදීමකින් හෝ ජනාධිපති වන්නේ නම් නව පාර්ලිමේන්තුවක් ඇති කරන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායකයා පවසනවා.

සතුටු දැයක් වෙනුවෙන් තම ජයග්‍රහණය අවශ්‍ය බවත් ඒ සඳහා ජාතිකත්ව දේශපාලන කොටස් සමගින් ජයග්‍රහණය කරා යන බවත් දිලිත් ජයවීර එහිදී අවධාරණය කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles